ශ්‍රද්ධා-සීල ත්‍යාග ප්‍රඥා

"ඔබේ දෙමාපියන්ට ආදරය කරන්න. අපි වැඩෙන අතර ඉතා කාර්යබහුලයි, ඔවුන් ද වයසට යන බව අපට බොහෝ විට අමතක වේ."

මව්පියෝ දරුවනට බොහෝ උපකාර ඇත්තෝය. දරුවන්ගේ දිවි පවත්වන්නෝය. දරුවන් පෝෂණය කරන්නෝය. දරුවන්ට මේ ලෝකය දක්වන්නෝය.

තම ආදරණීය මව්පියන් වෙනුවෙන් කළ හැකි උසස්ම උපකාරය, නියම ප්‍රත්‍යුපකාරය වටහාගන්නා සත්පුරුෂ දරුවෝ, එක් අතකින් තම මව්පියන්ගේ කායික මානසික සුවය වෙනුවෙන් ආහාර-පාන, ඇඳුම්-පැලඳුම්, ඉඳුම්-හිටුම්, බේත්-හේත් ආදිය සපයා දෙමින්, ඔවුන්ට ඇප-උපකාර සත්කාර කරමින්, ධාර්මිකව ඔවුන් රැක බලාගන්නා අතරම, අනෙක් අතින් ඔවුන් තුළ ශ්‍රද්ධා-සීල ත්‍යාග ප්‍රඥා යන කුසල සම්පදාවන් දියුණු කරගැනීමට උදවු කරමින් ඔවුන්ගේ මෙලොව පරලොව මෙන්ම සංසාරික සැනසීම පිණිසද කටයුතු සලසා දී, තමන්ද මහත් ඵල ආනිසංස රැස් කරගනිති.

ඔබේ දෙමාපියන් වෙනුවෙන් කෑම පිඟානක් මිල දී ගෙන විශේෂ දරුවන්ට පරිත්‍යාග කරන්න.

ඔබ අපගේ නියෝජිතයෙකු හමු වුවහොත් ආහාර පිඟානක්(250/=) මිල දී ගැනීමෙන් විශේෂ දරුවන්ගේ දවස දීප්තිමත් හා ප්‍රීතිමත් කිරීමට උදවු කරන්න, සෑම පරිත්‍යාගයක් සඳහාම ඩිජිටල් රිසිට්පතක් නිකුත් කරනු ලබන අතර, පිටපතක් ස්වයංක්‍රීයව කාර්යාලයට යවනු ලැබේ. ස්තුතියි.

ධර්ම දානය සහ එහි ආනිසංස;

ධර්ම දානය ලොව උතුම්ම දානයයි. ධර්ම දානය යනු කරුණා මෛත්‍රියෙන් අන්‍යන්ට තථාගත ධර්මය කියා දීම,  හෝ ඒ සඳහා උපකාර කිරීමයි.

ආනිසංස;
ධර්ම දානමය පින සියලුම දානමය පින්කම් අභිභවනය කරයි.

  • ජීවිතයේ නොසිතූ නොපැතූ යම් කිසි විශ්මිත ඤාණයක් ධර්ම දානය තුළින් ලබාගත හැකියි.
  • ධර්ම දානය උපනූපන් ජාති වල බුද්ධිමත් වීමට ද, අවසානයේදී ක්ෂණික අරහත්ඵල ලැබීමට ද හේතු වේ. එහෙයින් ධර්ම දානය නිර්වාණ දානයකි.
  • ධර්ම දානයෙහි අධර්මයෙන් උපදවාගත් දෙයක් නොවන හෙයින් දාන වස්තුව ගැන සැකයක් නැත.

හැම දෙනාටම  කැමති වුනත් අකමැති වුනත්  කර්මයට මුහුණ දෙන්න සිදු වෙනවා, එයයි ඇත්ත. ප්‍රඥාවන්ත මිනිසා නිතර පින් කර කර්මය තුල පින ඉස්මතු කර ගනු ඇත. පින කියන්නේ සංසාර ගමනේ වියදම් සඳහා ඉතිරි කිරීමක් කියලා ඔහු දන්නවා. සංසාර ගමනේ පළමු ඉලක්කය "සෝවාන්" නම් ඔහුට හෝ ඇයට සුගතිකාමි ජීවිතයක් (happy life) හිමි වනු ඇත. 

මෙත් සිසිල යෙදුමේ "ත්‍රිපිටකය" සහ "550 ජාතකය" සම්පූර්ණ කර පවත්වාගෙන යාමද ආරම්භ කර ඇත. මේ සදහාද  ඔබට දායකත්වය ලබා දිය හැකිය. offs-sl යනු එහි සබැඳි ප්‍රවේශයයි.

Next

Hey Taxi - The Cyber Taxi Park

Place Your Comments Here

Please signin

Driver Passenger
Not Reigstered? click here
Not Reigstered? click here